ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලට ගන්න ධම්මික පෙරේරා කැමැත්තෙන්

lankaSFnews
0
dhammika perera sri lankan


 මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයතන අතරට මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ Hayleys PLC ආයතනය ද ඇතුලත්ව තිබෙනවා.


මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙම අභිලාෂ කැඳවීමට අදාළ ආයතනවල නම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.


ඒ අනුව AirAsia Consulting Sdn. Bhd., Dharshaan Elite Investment Holding (Pvt) Ltd, FITS Aviation (Private) Limited,Sherisha Technologies Private Limited, Treasure Republic Guardians Limited සහ Hayleys PLC යන ආයතන කැමැත්ත පළ කර ඇති බවයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය දැනුම් දෙන්නේ.


ශ්‍රීලංකන් ආයතනය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති Hayleys PLC ආයතනයේ කොටස්වලින් 51.01%ක හිමිකාරීත්වය ව්‍යාපාරික ධම්මික පෙරේරා සතු වනවා.

dhammika perera

Post a Comment

0 Comments

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top