බක් පුර පසළොස්වක පොහොය අදයි

lankaSFnews
0

bak full moon
 

බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පුරපසළොස්වක පොහොය අදයි.


ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වු මෙම පොහොය දිනයේ දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.


චූලෝදර හා මහෝදර නා රජවරුන් අතර ඇති වූ ගැටුම සමථයකට පත් කිරිම සදහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට දෙවන වර වැඩම කිරීම බක් පුරපසළොස්වක පොහොය දිනයේ සිදු වුණා. සිදුහත් කුමරු සතරපෙර නිමිතිවලින් පළමු පෙරනිමිත්ත වූ මහල්ලාගේ රුව දැක ඇත්තේ ද බක්පුර පසළොස්වක පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සදහන්.


සුද්ධෝදන මහ රජතුමා ප්‍රධාන ඥාති වර්ගයාට නිර්වාණය අවබෝධ කර දෙනු පිණිස විසිදහසක් මහ සගරුවන පිරිවරා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරයට වැඩ කළේද අද වැනි පොහෝ දිනකයි.

Tags

Post a Comment

0 Comments

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top