ගව ඝාතනය පිංකමක් - අලවි මව්ලානා

lankaSFnews
0
Alavi-moulana-cow-Islam


 ඔක්තෝම්බර් 16 වෙනිදාට තිබූ මුස්ලිම් වරුන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන් ගව ඝාතන පිංකමට සහය පල කරන්නැයි ඉල්ලා බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා කොලොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා වෙත ඔක්තෝම්බර් 2 වෙනිදා ලියුමක් මගින් අවසර ඉල්ලා ඇත පහතින් එම ලිපිය ඇත.


එම ලිපිය අනුව මේ වසරේ එම පිංකම ඔරුගොඩවත්ත මජිඩ් ප්‍රදේශයේ සංවිධානය කර තිබී ඇත.කෙසේ වුවද මෙම ගව ඝාතනයට පිංකම යන වචනය යොදා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයෙහි අන්තර්ජාලය ඔස්සේ දැඩි විරෝධයක් මතුකර තිබිණි.


බොදු බල සේනා සංවිධානයද මේ පිළිබදව අවධානය යොමු කර ඇත.අලවි මවුලානා මහතාව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කලද ඔහු මක්කම වන්දනාවේ ගොස් ඇතැයි පැවසුනි. 


ආණ්ඩුකාරවරයාගේ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය බොදු බල සේනා සංවිධානය මුලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා ගෙන් කල විමසීමකදී,


                   "ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයා සිය බලය අයුතු ලෙස යොදා ගනිමින් බෞද්ධ හා හින්දු බැතිමතුන්ට අපහාසයක් කර ඇත්දැයි සොයා බලා ඔහු එවැන්නක් කර ඇත්නම් වහාම ඔහුව එම තනතුරෙන් ඉවත් කරන ලෙසට බොදු බල සේනා සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලකර සිටින බව පැවසීය".


මවුලානා ආණ්ඩුකාරයා මෙවැනි ලිපියකට අත්සන් කලාද කියලා අපිටත් සැකයක් තියෙනවා.කොහොම වුනත් පිංකම කියන වචනය යොදා ගන්නේ බෞද්ධ -හින්දු බැතිමතුන්.ගව ඝාතනයක් පිංකමක් වෙන්නේ නෑ.මේක බෞද්ධ හින්දු බැතිමතුන්ට කල අපහාසයක්.අගෞරවයක්.ආණ්ඩුකාරවරයා පෞද්ගලික ඉල්ලීමක් ලෙස මෙවැනි ලිපියක් පළාත් පාලන ප්‍රධානීන්ට යැව්වානම් අපට ගැටළුවක් නෑ.එත් ඔහු එම ලිපිය යවා ඇත්තේ නිල ලිපි ශීර්ෂය යටතේ.එම ලිපි ශීර්ෂයේ ඉහලින්ම තියෙන්නේ රාජ්‍ය ලාංචනය.ඒකෙ තියෙන්නේ ධර්ම චක්‍රය.ආණ්ඩුකාර මවුලානා මේ අපහස කරලා තියෙන්නේ ධර්ම චක්‍රයට.ඔහු එම ලිපි යවලා තියෙන්නේ රජයේ සම්පත් දේපල යොදා ගෙන.මේවා බරපතල කාරනා.ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 154  බී යටතේ පැහැදිලිව කියනවා ආණ්ඩුකාරවරයා ජනාධිපතිගෙ නියෝජිතයා කියලා.එතකොට අලවි මවුලානා මහතා මේ ලිපිය මගින් ජනාධිපතිටත්,රජයටත් අපහස කරලා තියෙනවා.ආණ්ඩුකාරවරයා පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලබාදී ඇති බලය ඉක්මවා කටයුතු කර තිබෙනවා.ආණ්ඩුකාර මවුලානා බෞද්ධයින්ට,ධර්ම චක්‍රයට අපහස වන අයුරින් මෙවැනි ලිපියක් යවා ඇත්නම්,ඔහුව වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බොදු බල සේනා සංවිධානය ජනාධිපතිතුමාට බලකර සිටිනවා"


යැයිද දිලන්ත විතානගේ මහතා පැවසීය.


අන්තර්ජාලයේ පලවී ඇති ආණ්ඩුකාරවරයාගේ ලිපිය පහත දැක්වේ.


buddhism and islam animal

ලංකාවේ 8 වසර ඉස්ලාම් ආගමේ පොතේ සතුන්ව මරණ හැටිද උගන්වා තිබේ.ඉස්ලාම් ආගමට අනුව සතුන්ව දෙවියන් වහන්සේ විසින් මවා ඇත්තේ මිනිසුන්ගේ ප්‍රයෝජනයටයි............මෙලෙස උගන්වා ඇති විට තවත් කුමන කතාද?ඉතින් මොවුන්ට ගව ඝාතනය පිනක් නොවන්නේ නම් අරුමයකි.නමුත් ලංකාව බහුතර බෞද්ධන් සිටින රටකි.මුසල්මානුවන් මෙය තේරුම් ගත යුතුය................

islam sinhala syllabus

Post a Comment

0 Comments

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top