ගෙදරින් සුද්දෙක්ට විකුණනවාට බයේ හැංගුණු දැරිය කටුනායකින් හමුවෙලා [VIDEO]

lankaSFnews
0
girl katunayake


 මාස කිහිපයකට ඉහතදී ඉතාලි ජාතිකයෙකුගේ අනූ දැනුම මත තම බාල වයස්කාර දියණිය පැහැරගෙන ගොස්ඇති බවට මවක කළ පැමිණිල්ලක් විභාග කිරීමේ දී ඇය පැහැර ගැනීමකට ලක්ව නැති බවත් මව දියණිය විවිධ පුද්ගලයින්ට විකිණීම නිසා බේරී සිටීම සඳහා කටුනායක ප්‍රදේශයේ නිවසක කල් ගත කර ඇති බවත් හෙළි වී ඇතැයි බඩල්ගම පොලිසිය කියයි.


මවගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී හෙලි වූ තොරතුරු මත මෙම දැරිය කටුනායක කුලී නිවසක සිටියදි සොයා ගැනීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.


මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව විදේශ ගතව සිට පැමිණීමෙන් පසු වසර ගණනාවක සිට බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලයකු හා කල්ගත කර ඇතැයි ද විදෙස් භාෂා චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇති ඇය නිතරම විදේශිකයින් ඇසුරු කිරීමට පෙළඹී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .


එසේ සිටින අතර ඇය සිය දියණිය ද විවිධ පුද්ගලයින්ට විකිණීමේ යෙදී ඇතැයි ද එසේ දියණියගේ පහස ලබාගත් පුද්ගලයින් දියණිය දූෂණය කළ බවට පොලීසිවලට පැමිණිලි කර ඇති බව ද අනාවරණය වී ඇතැයිි පොලිසිය සඳහන් කරයි.


මෙසේ සිටියදී මාස කිහිපයකට ඉහතදී දියණිය අතුරුදන් වී ඇති අතර මව බඩල්ගම පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉතාලි ජාතිකයෙකුගේ අනු දැනුම මත ඇය පැහැරගැනීමට ලක්වී ඇති බවයි.


තමන්ගේ පැමිණිල්ල පිළිබඳ නිසි පරීක්ෂණයක් නොකරන බවට මෙම කාන්තාව පොලිස් මූලස්ථානය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිතර පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශය හෝ මේ සම්බන්ධයෙන් සොයා නොබලන බවට මාධ්‍ය ඔස්සේ ද දිගින් දිගටම චෝදනා කළ බවද පොලිසිය සඳහන් කරයි.


දැරිය රැකියාවක යෙදෙමින් කල් ගතකර ඇතැයි ද ඇය ස්වාධීනව සිටීමට කැමැත්තෙන් සිටින අතර මව සමග යාමට අකමැත්ත පල කිරීම නිසා සුදුසු බාරකරුවකු යටතට පත් කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලද බව පොලිසිය කියයි.

Post a Comment

0 Comments

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top