සිසුවියක් අපයෝජනය කළ නුවරඑළියේ ස්වේච්ඡා ගුරුවරයාට සිරදඬුවම්

lankaSFnews
0

bail
 

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කළ ස්වේච්ඡා ගුරුවරයෙකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ලබාදී තිබේ.


ඒ, නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසිනි.


මෙසේ බරපතළ වැඩසහිතව සිරදඬුවම් නියම කෙරුණේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් නමැත්තෙකුට ය.


චුදිතයා 2010.01.01 – 2010.01.31 අතර දිනයක 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.


මහාධිකරණ විනිසුරුවරයා චුදිතයාට රුපියල් 5,000සක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් සිරදඬුවම් කාලය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමටත්, වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර 02ක කාලයක් සිරදඬුවම් ලබාදීමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

Tags

Post a Comment

0 Comments

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top